උසස් පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්

January 02, 2024 - 6:50 PM
උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසා තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිටින උසස් පෙළට පෙනී සිටින දරුවන්හට අවහිරයකින් තොරව විභාගයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298ක දී පැවැත්වීමට නියමිත බවට සඳහන්.
(lknews.lk)