අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
May 13, 2025 - 11:46 AM
වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
පොලීසිය පැවසුවේ වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිත බවයි.
එමෙන්ම වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබනවා.
මේ අතර පොලීසිය සඳහන් කළේ වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුල එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර නොදෙන බවයි.
එමෙන්ම රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන බවද පොලීසිය සඳහන් කළා.
මේ අතර මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුල බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
(lknews.lk)