කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

December 30, 2023 - 5:21 PM
කොළඹ නගරයේ පොලිස් ස්ථාන 5ක් ආවරණය වන පරිදි හෙට (31) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

එහිදී ඔහු පැවසුවේ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් හෙට පස්වරු 05 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

විශේෂයෙන් ගාලුමුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම ඔහු කියා සිටියේ ඊට සමගාමීව කොළඹ නගරයේ විශේෂ ආරක්ෂාවක්ද ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(lknews.lk)