කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක්

March 26, 2024 - 9:18 AM
සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අප්‍රේල් මස 5 වනදා සිට නානුඔය සිට බදුල්ල දක්වා සංචාරක විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ධාවනයේ යෙදවීමට තීරණය කර තිබෙන බවයි.
(lknews.lk)