2023 අවසාන දින දෙක වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

December 28, 2023 - 12:50 PM
දෙසැම්බර් 30, 31 දින දෙකේදී බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය පවසනවා. 

ඒ අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන්.

මීට අමතරව මහනුවර සිට මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය සඳහන් කළා. 
 
(lknews.lk)