දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

December 21, 2023 - 11:54 AM
දීර්ඝ සති අන්තය සහ පාසල් නිවාඩුව මෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය ගමනාගමන අධිකාරියේ එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි.

එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ දුම්රිය ධාවනය වන වේලාවන් පහතින්...
(lknews.lk)