සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අස්වැසුම විශේෂ ඒකකයක්

January 09, 2024 - 2:51 PM
අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා යථාවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

2023 වසරේ සියලුම අස්වැසුම අභියාචනා ජනවාරි 31 වනදා වන විට විසඳා අවසන් කිරීමටත්, පෙබරවාරි මුල් සතිය වන විට දෙවන වටය සඳහා අලුතින් අස්වැසුම අයදුම්පත් කැඳවීමටත් එහිදී සාකච්ඡා කෙරුණා.

එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමටත් ග්‍රාමීය මට්ටමින් ඒ සඳහා නිළධාරියෙකු පත්කිරීමටත් මෙහිදී තීරණය කළ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)