අයිස්ලන්තයට හදිසි තත්වයක්

March 17, 2024 - 12:16 PM
අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ පිහිටි ගිනි කන්දක් නැවතත් විදාරණය වී තිබිම හේතුවෙන් දකුණු අයිස්ලන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

එම අවදානම් කලාපවල වාසය කරන පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, ගිනි කන්ද කඩිනමින් අක්‍රීය නොවුනහොත්, මුහුදු සීමාව දක්වාම ලාවා ගලායාමේ අවදානමක් ඇති බවයි.
(lknews.lk)