මහවැලි කලාපය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

March 21, 2024 - 3:54 PM
රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එදා ගාමිණී දිසානායක මහතා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
(lknews.lk)