දේශබන්දුගෙන් යුක්තිය ගැන ප්‍රකාශයක්

March 02, 2024 - 11:46 AM
යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි.

එමෙන්ම ඉතා කෙටි කාලයකින් අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලයේ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)