ආරක්ෂක අංශ භාරයට පත් වූ ඉඩම් ගැන ප්‍රකාශයක්

March 11, 2024 - 11:40 AM
යුද සමයේ ආරක්ෂක අංශ භාරයට පත් වූ ඉඩම් යළි නිදහස් කිරීමේ වැඩසටහන සඳහා පත් කළ කමිටුවේ මූලික වාර්තාව මේ වන විට ලැබී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

යාපනය, කිලිනොච්චි, මුලතිව් වැනි ප්‍රදේශවල විශාල ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශය භාරයට පත් වූ බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම දිස්ත්‍රික්කවල නැවත ලබාදිය යුතු ඉඩම් අක්කර 5000ක් පමණ ඇති බවයි.
(lknews.lk)