මෙරට උද්ධමනය ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්

February 16, 2024 - 10:08 AM
2024 වසර අවසන් වන විට උද්ධමනය ඉලක්ක ගත මට්ටම වන 5%ක් දක්වා ගමන් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

පෙබරවාරි මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, උද්ධමනයේ පවතින ඉහළ යෑම කෙටි කාලීන වන බවයි.

එමෙන්ම සමස්තයක් ලෙස සැපයුම් අංශයේ සාධක හේතුවෙන් කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යාමේ අවධානයක් පවතින බව මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)