ලංකා ගුරු සංගමයෙන් ප්‍රකාශයක්

March 25, 2024 - 4:24 PM
ගුරු වැටුප් විෂමතාවය සඳහා විසඳුමක් ලබා නොදුනහොත් සමස්ත පාසල් පද්ධතිය ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඒ, මේ පිළිබඳව සකච්ඡාවක් සඳහා ගුරු වෘත්තීය සමිති කිහිපයක් සමඟ මුදල් අමාත්‍යාංශයට අද (25) පැමිණි අවස්ථාවේදීයි.

එමෙන්ම රාජ්‍ය සේවයේ විධායක මට්ටමේ සියලු සේවා වල සමාන්තර උසස්වීම් ක්‍රමවේදය තහවුරු කරන ලෙස ඉල්ලමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වී තිබෙනවා.
(lknews.lk)