මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

April 07, 2024 - 5:35 PM
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දීමට තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

එම වැටුප සමඟ අයවැය යෝජනාවට අනුව වැඩි කළ රුපියල් 10,000ක රාජ්‍ය සේවක දීමනාව ද ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)