TIN අංකය ක්‍රියාත්මක වෙන දිනය ගැන රජයෙන් ප්‍රකාශක්

January 09, 2024 - 10:20 AM
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බවත් මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම තුළින් රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. 
 
එමෙන්ම TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට සූදානමක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)