අහිතකර රූපලාවන්‍ය ආලේපන තොගයක් පොලිස් භාරයට

February 22, 2024 - 1:14 PM
පාවිච්චියට නුසුදුසු පිළිකා කාරක අමුද්‍රව්‍ය අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්.

රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන එම ආලේපන අලෙවි කළ වෙළඳසැල් 04ක් එලෙස වැටලූ බව පොලීසිය සඳහන් කළා.

එහිදී මිනිස් සිරුරට අහිතකර ආලේපන වර්ග 1143ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
(lknews.lk)