පරිභෝජනයට නුසුදුසු පාන්පිටි තොගයක් වටලයි
December 07, 2024 - 5:09 PM
බදුල්ල - මයිලගස්තැන්න ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු පාන්පිටි මිටි 58ක් බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් අද (07) සොයා ගෙන තිබෙනවා.
රජයට අයත් මෙම ගබඩාව බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් කුලී පදනම මත පවත්වාගෙන යන ගබඩාවක් බවට අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය අංශ විසින් මෙම පාන්පිටි තොගය සොයාගත් අවස්ථාව වන විටත් එම පාන් පිටි මීයන් විසින් හානි කර ඇති අයුරු සහ මීයන්ගේ මුත්‍රා ඒවායේ තිබූ බවත් වැටලීම සිදුකළ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.
වැටලීම් සිදු කළ මෙම ගබඩාව සම්බන්ධව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය පියවර ගැනීමටද නියමිතයි.
(lknews)