ගුවන් ගමන් ගැන කතාවක්

February 28, 2024 - 1:27 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා පිටවීම් සහ පැමිණීම් අද (28) පස්වරුව වන විට සාමාන්‍ය තත්වයට පත් විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ගුවන් සමාගමේ වෘත්තීය සමිති සංගම් පවසන්නේ, දේශපාලන මැදිහත්වීම මත ගුවන්යානා මිලදී ගැනීම් අවලංගු කිරීම හේතුවෙන් ගුවන් සමාගම මෙම අර්බුදයට මුහුණ පා ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාද වීම සහ ඇතැම් ගමන් වාර අවලංගු වීම් පසුගිය කාලය පුරා දිගින් දිගටම වාර්තා වුණා.

එමෙන්ම ඊයේ (27) දිනයේ දී පමණක් ගුවන් ගමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ක්‍රියාත්මක වු අතර ගුවන් ගමන්වාර 03 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබුණා.
(lknews.lk)