අද රෝහල් කිහිපයක වැඩවර්ජනයක්

April 01, 2024 - 9:39 AM
වැටුප් ගැටලුව මුල් කරගනිමින් අද (01) සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

අද දිනයේදී සිය ගැටලුවට විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වුවහොත් හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.
(lknews.lk)