නායක වනිඳුගෙන් සැර ප්‍රකාශයක්

February 22, 2024 - 11:44 AM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් ලබා ගන්නට සමත් වුණා.

තරගයේ අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළ කළා.

අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් බලාපොරොත්තු විය නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බවත් නායක වනිඳු හසරංග ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙවැනි නිපන්දු පිළිබඳ ඇති වන ගැටලු සඳහා සහ විනිසුරු තීරණ පිළිබඳ තෙවැනි විනිසුරුට යොමු කිරීම හෙවත් රිවීව් අවස්ථාව ඇති කළ යුතු බවයි.
(lknews.lk)