ඉඩමක් බලහත්කාරයෙන් ලියා ගැනීමට සිසුවෙකු පැහැරගනී

December 07, 2023 - 4:50 PM
18 හැවිරිදි සිසුවෙකු සුඛෝපභෝගි මෝටර් රථයක්ද සමඟ පැහැරගෙන, ඉඩමක් බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ පුද්ගලයින් තිදෙනෙක් කොහුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පැහැරගත් මෝටර් රථය සහ පැහැරගැනීමට භාවිත කළ වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර පැහැරගැනීමට ලක් වූ සිසුවා මේව විට කළුබෝවිල ශික්ෂණ රෝහළේ ප්‍රතිකාර ලබනවා.

18 හැවිරිදි වියේ පසුවන සිසුවෙකු ඉකුත් 04 වැනිදා සිය පියාව මෝටර් රථ‍යෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇරලවා සිය නිවසට පැමිණ තිබුණා.

පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ඔහු කළුබෝවිල ආසිරි මාවතේ පිහිටි සිය නිවසෙන් පිටතට යමින් සිටියදී කිසියම් පිරිසක් ඔහුව පැහැරගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.

කොහුවල පොලිසිය සඳහන් කළේ අදාළ සිසුවා ගමන් කළ සුඛෝපභෝගි මෝටර් රථය දෙහිවල-ගල්කිස්ස මහනහර සභාව ආසන්නයේදී වෑන් රථයකින් හරස් කර ඉන් බැස ආ තරුණයින් සිව්දෙනෙකු මෙම පැහැරගැනීම සිදු කර ඇති බවයි.
(lknews.lk)