බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් භාරයට

March 02, 2024 - 4:58 PM
පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අද (02) ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)