පොලිස් වෙඩි හුවමාරුවක දී සැකකරුවෙක් මරුට

October 16, 2023 - 10:34 AM

කඳාන පොලිස් වසමේ පොල්පිතිමූකලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

අදාළ මරණකරු සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම නිවස සොයා පැමිණ ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ, එම අවස්ථවේ දී සැකකරු පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර ප්‍රතිප්‍රහාර හමුවේ ඔහු මියගිය බවයි.

මරණකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් පමණ වූ අයෙක්.
(lknews.lk)