ගුරු - විදුහල්පති උද්ඝෝෂණයක්

February 20, 2024 - 11:28 AM
වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස අද (20) පස්වරුවේ මහනුවර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළා.
(lknews.lk)