පසුගිය දා විදුලි විසන්ධි වූ අවස්ථාවේදී නිවසකට සොරු පනියි

December 11, 2023 - 10:18 AM
යටිහලගල ප්‍රදේශයේ දී පෙරේදා(09) දිනයේ දී සිදු වූ හදිසියේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් නිවසකට ඇතුළු වී රූපවාහිනි යන්ත්‍රය සහ ග්‍රයින්ඩරයක් සොරාගත් පුද්ගලයෙකුව පොලිසියේ නිල සුනඛ ඒගර් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සිදු වී පැය 10ක් ගත වීමටත් මත්තෙන් මෙම සුනඛයා විසින් භාණ්ඩ සොරා ගත් පුද්ගලයාව සොයා ගෙන තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අලදෙණිය ප්‍රදේශයේ දී වන අතර, පොලිසිය විසින් සොරකම් කළ රූපවාහිනිය හා ග්‍රයින්ඩරය ද සොයා ගෙන තිබුණා.

සැකකරු ග්‍රයින්ඩරය දමා තිබූ බෑගය එම නිවසේ දමා ගොස් ඇති අතර, එයින් පොලිසියේ නිල සුනඛ ඒගර් විසින් දමා ගොස් තිබු බෑගය මගින් සැකකරු සොයා ගෙන ඇති බවයි සඳහන්.

පොලිසිය පැවසූවේ සොරකම සිදුවන අවස්ථාවේ නිවසියන් සිට නොමැති අතර, ඔහු නිවසට ඇතුළු වී ඇත්තේ නිවසේ වහලය මතින් බවයි. 
(lknews.lk)