මහජන ආරක්ෂක ඇමතිට තර්ජනාත්මක ඇමතුමක්

December 21, 2023 - 5:07 PM
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මෙය ලැබී ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට අමතන බව පවසමින්.

පෝය දෙකකින් බලාගමු යනුවෙන් පවසමින් ලබාදුන් එම ඇමතුම පිළිබඳ පසුව කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එම ඇමතුම වෙනත් රටක සිට ලැබී ඇති බවටයි.
(lknews.lk)