දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

March 29, 2024 - 9:34 AM
අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ  දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ, බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක බව ද ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට ද සිදු විය හැකි බවයි.
(lknews.lk)