සරසවි සිසුවෙක් අලගල්ල කන්දෙන් පහළට

March 10, 2024 - 2:59 PM
අලගල්ල කන්දෙන් පහළට ඇදවැටුණු විශ්ව විද්‍යාල සිසුවෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර  තිබෙනවා.

ඒ, වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.

මෙම අනතුරට ලක්ව ඇත්තේ, අද උදෑසන එම සිසුවා තවත් සිසුන් කණ්ඩායමක් සමග අලගල්ල කන්ද තරණය කිරීමට යාමේදීයි.

පහළට ඇදවැටුණු සිසුවා මුදාගැනීම සඳහා බෙරගල හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දරා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම සිසුවාගේ තත්ත්වය බරපතළ බව ආරංචි මාර්ග සඳහන් කළා.
(lknews.lk)