මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුවක් ළඟදීම

February 14, 2024 - 5:07 PM
අමාත්‍යවරයෙකුව සිටියදී අයථා ලෙස උපයා ගත් මුදලකින් බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් ලබා ගැනීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.

එලෙස පවරා ඇති නඩුවේ තීන්දුව අප්‍රේල් 25 වනදා ලබාදීමට අධිකරණය තීරණය කළා.

ඒ, අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

ඔහුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ, අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274ක මුදලකට එම නිවස මිලදී ගත් බවට චෝදනා කරමින්.
(lknews.lk)