නීතිවිරෝධී ඉලෙක්ට්‍රොනික් සිගරට් තොගයක් වටලයි

February 23, 2024 - 1:10 PM
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට ජා-ඇළ සුරාබදු ඒකකය සමත් වී තිබෙනවා.

එහිදී 25 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 30ක ඉලෙක්ට්‍රොනික් සිගරට් තොගයක් මෙලෙස වටලා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් රුපියල් කෝටි 10ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම ඊ සිගරට් සඳහා තරුණ ප්‍රජාව සහ දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි වෙමින් ඇති බවත් මෙය භයානක තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)