මාරාන්තික වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

February 24, 2024 - 1:07 PM
කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති ( Disease x ) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

මේ වන විට මෙය ලොව පුරා මාධ්‍යවල විශේෂිත පුවතක් බවට පත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය රෝග කාරක විෂබීජයක් හේතුවෙන් මිනිසාගෙන් මිනිසාට පැතිර යනු ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම මෙම “X” රෝගය දැනටමත් සතුන් අතර පැතිර යමින් තිබිය හැකි අතර එය කුමන මොහොතක හෝ මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් ලෙස පැතිර යනු ඇති බව එම සංවිධානයේ විද්වතුන් අනතුරු අඟවනවා.
(lknews.lk)