ජල පරිභෝජනය ගැන අනතුරු ඇඟවීමක්

March 11, 2024 - 12:33 PM
පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

වියළි කාලගුණ තත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදු වන බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම දැනට පවතින ජල මට්ටම ප්‍රමාණවත් බවද ඇය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් පැවසුවේ, හැකි සෑම විටම ජලය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙසයි.
(lknews.lk)