අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍ය අංශ මඟින් අනතුරු ඇඟවීමක්

February 23, 2024 - 12:34 PM
පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්වයට පත් වීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ හේතුවෙන් කුඩා දරුවන් හට ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලද මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇති බව ඔවුන් පවසනවා.

එමෙන්ම ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල උණුසුම ද එම මට්ටමේ පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(lknews.lk)