දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

February 22, 2024 - 1:30 PM
පවතින උණුසුම් කාලගුණ තත්වයත් සමඟ අද (22) දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලටයි.

පවතින උණුසුම් කාලගුණ තත්වය සමඟ ළමුන් අතර සමේ රෝග වර්ධනය වීමක් දක්නට ලැබෙන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින තත්වය හමුවේ ළමුන් සහ වැඩිහිටියන් හිරු එළියට නිරාවරණය වීම සීමා කළ යුතු බවයි.
(lknews.lk)