කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

February 17, 2024 - 10:17 AM
කොළඹ ප්‍රදේශ කිහිපයක අද (17) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 5 සිට හෙට පෙරවරු 9 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කළා.
(lknews.lk)