දුම්රියක ගැටී වන අලියෙක් මරුට

January 10, 2025 - 6:04 PM
පුත්තලම සහ එළුවන්කුලම දුම්රිය මාර්ගයේදී ඊයේ (09) අලුයම වන අලියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ පලාවි සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන්.

එමෙන්ම වන අලියාගේ මළ සිරුර දුම්රිය මාර්ගයේ තිබී සොයා ගෙන තිබෙනවා.

වනජීවී නිලධාරීන් කියා සිටියේ වන අලියාගේ වයස අවුරුදු 30ක් පමණ වන අතර හොඳින් වැඩුණු පිරිමි සතෙකු බවයි.

(lknews)