පස් කන්දකට යට වී කාන්තාවක් මියයයි

November 05, 2023 - 3:18 PM
අධික වැසි සහිත කාලගුණය හමුවේ වෙළඳසැලක් මතට පස්කන්දක් කඩා වැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, මහනුවර මහියංගණය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේ පලතුරු වෙළෙඳසැලකට ඊයේ රාත්‍රියේ පස් කන්ද කඩා වැටී ඇති බවයි.

පස් කන්දට යට වීමෙන් මිය ගොස් ඇත්තේ වෙළඳසැලේ හිමිකාරිනිය බවයි වාර්තා වන්නේ.

ඇය 37 හැවැරිදි තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ සමඟ පස්කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින අතර ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස ජනතාවට දැනුම් දෙනවා. 
(lknews.lk)