ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

May 13, 2025 - 4:48 PM
ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියාවේ ලිබරල් පාක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා.

සූසෑන් ලෙයිහ් නැමැති ඇය ප්‍රතිවාදියා වූ ඇන්ග්ස් ටේලර්ට එරෙහිව පැවති ඡන්ද විමසීම ජය ගැනීමෙන් අනතුරුවයි නායකත්වයට පත් වී ඇත්තේ.

සූසෑන් ලෙයිහ් මීට පෙරදී ගුවන් නියමුවරියක් මෙන්ම ගුවන් ගමනාගමන පාලකවරියක් ලෙස සේවය කර තිබෙනවා.

එමෙන්ම පක්ෂ නායකත්වයට පෙර සූසෑන් ලෙයිහ් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක්ම හොබවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


(lknews.lk)