ඊශ්‍රායල යුධ හමුදා තරුණියක් පොලිස් භාරයට

March 04, 2024 - 5:56 PM
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 5.56 සජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණා.

ඉන් පසු ඇයව ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (04) භාර දී තිබෙනවා.

ඇය 22 හැවිරිදි ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ තරුණියක් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)