මී උණ වැළදීමෙන් තරුණයෙකු මරුට

January 03, 2024 - 9:06 AM
වවුනියාව මහ රෝහලේදී මී උණ වැළදීමෙන් තරුණයෙකු 01වන දා මියයාමත් සමඟම කුඹුරු ගොවිතැන් කරන ගොවීන්ට ඉතා පරෙස්සමෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව සෙට්ටිකුලම මුක්තන්කුලමේ පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ උණ රෝගය වැළදීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට ඔහු සෙටිකුලම රෝහලට ගිය අවස්ථාවේදී සිදු කළ රුධිර පරීක්ෂණයකදී ඔහුට මී උණ වැළදුණු බව තහවුරු වීමෙන් පසුව ඔහුව වවුනියාව මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.

වවුනියාව මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර එහිදී ඔහුට මී උණ වැළදීම නිසා මරණය සිදු වී ඇති බව තහවුරු වී තිබෙනවා.
(lknews.lk)