අභිරහස් ලෙස තරුණයෙක් මියයයි

November 13, 2023 - 11:31 AM

බිංගිරිය ප්‍රදේශයේ තරුණයෙක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකරු වැල්ලරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් පමණ වූ අයෙක්.

අදාළ තරුණයා ගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔහු ද එම ස්ථානයේ සිට තිබෙනවා.

අනතුරුව හදිසියේ ඔහු අසනීප වී ඇති අතර කඩිනමින් රෝහල් ගත කළ ද මරණකරු බේරා ගැනීමට හැකි වී නැහැ.

තරුණයා බීමතින් සිටියේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.
(lknews.lk)