මත්පෙති සමඟ තරුණයෙක් දැලේ

January 07, 2024 - 5:22 PM
තලෙයිමන්නාරම පොලිස් වසමේ පියර්ගම, අම්ඹානගර් ප්‍රදේශයේ දී මත් පෙති සමග සැකකරුවෙක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී PREGAB 150mg වර්ගයේ මත් කරල් 526ක් සොයාගෙන ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා තලෙයිමන්නාරම, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් අයෙක්.
(lknews.lk)