ලොව පළමු වතාවට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

June 22, 2024 - 4:03 PM
ලොව පළමු වතාවට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අපේක්ෂකයාගේ නම AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබෙනවා.

ලබන ජූලි මස 04 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘතිම බුද්ධියෙන් නිර්මාණය කරනු ලැබූ අපේක්ෂකයා නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වීමට නියමිතව ඇත්තේ AI ස්ටීව් ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන්.

(lknews)