දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 1500ක් පමණ වැසෙයි

December 12, 2023 - 8:15 AM
ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 1500ක් පමණ වැසී ගොස් ඇති බව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් 2,40,000 ක් වන අතර ඉන් පොල්තෙල් කිලෝ එක් කෝටි හැත්තෑ හත්ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබනවා.

ඒ සඳහා රුපියල් මිලියන 7891 ක් වැය වන බවයි පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ.
(lknews.lk)