උරුමය වේගවත් කරන්න ජංගම වැඩසටහනක්

June 21, 2024 - 11:54 AM
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක “උරුමය” ජාතික වැඩසටහන කඩිනම් කිරීම සඳහා උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය විසින් මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා රට පුරා ජංගම වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

සින්නක්කර ඔප්පු ලබාදීමට වගකීම දරන සියලුම රාජ්‍ය නිලධාරීන් ගම්වලට ගොස් නිවැසියන්ගෙන් තොරතුරු ලබාගෙන සින්නක්කර ඔප්පු ලබාදීම කඩිනම් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කළා.

ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා.

(lknews)