අස්වැසුමේ අයදුම්පත් භාර ගැනීම ලබන 15 වනදා අවසන්

March 10, 2024 - 4:27 PM
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා අවසන් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා.
(lknews.lk)