අස්වැසුමේ දෙවන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට

February 15, 2024 - 12:56 PM
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ කර තිබෙනවා.

එම අයදුම්පත් මාසයක කාලයක් භාර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අස්වැසුමේ දෙවන අදියර යටතේ අස්වැසුම සුභසාධන දීමනා ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.
(lknews.lk)