අස්වැසුමේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

March 22, 2024 - 3:08 PM
අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාර දීමට තිබු කාලය අදින් අවසන් වනවා.

මාර්ගගත (Online) ක්‍රමයට මේ වන විට ඒ සඳහා අයදුම්පත් 250,000 ක් පමණ ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසා තිබෙනවා.

එමෙන්ම ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයදුම්පත් භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළා.
(lknews.lk)