ත්‍රීරෝද රථ‍යක් දුම්රියක ගැටීමෙන් අනතුරක්

April 12, 2025 - 10:58 AM
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලැබූ දෙදෙනාම අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ අතර කොස්ගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.


(lknews.lk)