හදිසි අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ඉහළට

April 04, 2024 - 12:53 PM
රථවාහන අනතුරුවලින් දිනකට මෙරට 35 දෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍ය අංශ සහ පොලීසිය පවසනවා.

සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්තිි සාකච්ඡාවකදී අවධාරණය කෙරුණේ, එළඹෙන උත්සව සමයේදී මෙම අනතුරු ඉහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ සහ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)